Wednesday, September 29, 2010

පුලස්තිගෙන් ආත්මීය කෙටිකථා තුනක් / Three aathmeeya short stories from Pulasthi


කෙටි කථාව 1 -

ත්‍රී වීල් සුගා පුලාගේ ගෙවල් මන්ඩියෙ තදයෙක්.උන්නැහෙ බින්න බැස්සෙ ඒ පැත්තේ රූමතියක් උන කටු චූටිගෙ නිවහනේ.කටු චූටි අහිංසක කෙලි පැටික්කී.ඉස්කෝලෙ යන වංගියෙ ඉදල අම්මට අප්පට අත්තප්පට හරිම කිකරුයි.
ත්‍රී වීල් සුගා බැන්ද මුල් දවස්වලත් කටු චූටිගෙ කීකරුකමේ කිසිම වෙනසක් තිබුනෙ නැහැ.සුගා කියන කියන සේරම එයා සුගා වෙනුවෙන් කොරල දුන්න.ලිදෙන් වතුර ඇදල දුන්න.ඒ වතුරෙන් නාල සුගා මිස්ටර් ක්ලීන් වගේ වීල් එක එලෝගෙන ගියා.කෑම ටික රහට හදල දුන්න.ඒව ගිලල "කොහොමද මගේ බොඩිය" කියල සුගා පාර පුරා පුරසාරම් කියාගෙන යන්න පටන් ගත්තා.
හැබැයි සුගාගෙ නිදන්ගත රෝගයක් තිබුන.ගිනි වතුර රෝගය.හවසට කසියා සප්පායම් වෙලා එන සුගා ගෙදර යකා නටනවා.හම්බුකොරන සත පනහත් ගිනි වතුරෙ දිය කොරනව.කොච්චර හම්බු කොලත් ගෙදර පොඩි උන්ට පෑනක් පොතක් ගන්න තරම්වත් සුගා ඉතිරි කරන්නේ නැහැ.
මේක බලා ඉදල බලා ඉදල බැරිම තැන කටු චූටි තීන්දුවක් ගත්ත.

"මම තීරනය කරා රස්සාවකට යන්න" කටු චූටි කිව්වා.
"එපා!"සුගා අඩිය හප්පලා මොර ගැහුව.

"ඔයා කොහොමද එපා කියන්නෙ.මම යනව"කටු චූටි ආයෙමත් කිව්වා.
"පට්ට බැල්ලී" සුගා කටුගෙ බෙල්ලෙන් අල්ල ගත්තා.කටු චූටි හම්බු කොරන්න ගත්තම තමන්ට ගෙදර තියෙන සුප්‍රිමසියට කෙලවෙනව කියල සුගා දන්න හින්ද ඒකට සුගා කොහොමත් කැමති නැහැ.
කටු චූටිගෙ බෙල්ලෙන් අල්ලගෙන එයාව ඇදගෙන ගිය සුගා කලුවර කාමරේක එයාව හිර කොරල දොරේ අගුලු දැම්ම.කටු දොරට තඩි බානව.දෙස් දෙවොල් තියනව.අඩනව.හොටු හූරනව.
"ඊරි!ඉගෙන ගන් හොද පාඩමක්!" කටුට කෑ ගැහුව සුගා ගෙදරින් එලියට ආවෙ කටුගෙ වැලපිල්ල නොතකා හැරල.ඊට පස්සෙ කඩමන්ඩියට ආව සුගා ගමේ බජාර් එක එක්ක ‍සැට් වුනා දාම් අතක් අදින්න.අදින ගමන් තමන් කටුට කල හරිය මිනිහ කිව්ව.
"වේල් දෙකක් විතර බඩගින්නෙ මම ඉන්න අරිනව.ඕකි දැනගන්න ඕනි තමන්ගේ තරමට ඉදිමෙන්න"සුගා පපුව කහ කහ කිවුව.
"හරියට හරි සුගා පුතා!" දාම් පෙතේ අනිත් පැත්තෙ හිටපු ගමේ දැනමුත්තෙක් විදිහට සැලකුන නාකි නොයෙල් මාමා කිව්වා.
"ඒකිව කාමරේට දාල වැහුව එකේ කිසි වැරැද්දක් නැහැ.ගෙදර තමන්ගෙ වැඩක් පොලක් බලාගෙන ඉන්නෙ නැතිව තමන්ට ඕනෙ නැති වැඩවලට අත දාන්න ඒකි ගියෙ අහවල් මගුලකටද?"

කෙටි කථාව 2 -

එකමත් එක රටක මුල්ගම්පොල කියල ගම්මානෙක චිරද බුවා කියල කලු කොට කැත මිනිහෙක් හිටිය.චිරද බුවා තමුන්නෙ ලමයින්ට වුනත් එච්චර වියදම් කොරන්න අකමැති තරමක් ලෝභ පහේ බුවා කෙනෙක්.

චිරද බුවාගෙ දෝනියැන්දැගෙ ඛේදවාචකේ මුල්ගම්පොල ගමට ආරංචි වෙනකොට වෙලාව හවස 4යි.සුපුරුදු පරිදි ඒ වෙලාවෙත් නාකි නොයෙල් මාමා ඇතුලු පිරිස කඩමන්ඩියට වෙලා දාම් ඇද ඇද හිටියා.
"දන්නවයි"හති දාගෙන කඩමන්ඩියට දුවගෙන ආව විමංස කොල්ලා කිව්වා.
"චිරද බුවාගෙ දුව.තුත්තරා.ඒකිව නට්ටං ‍කොරලලුනෙ!"
"කවුද?"කඩමන්ඩියෙ හැම දෙනාගෙම ඇස් උඩ ගිහින් නතර වුනා.සේරම කලබොලෙන් විමංස කොල්ලා දිහා බැලුව.
"ඒකි‍ ටියුසන් ගිහින් තියෙන්නෙ විස්ස විද්දියාලෙ හචිස් මුදිත කියල කොල්ල කෙනෙක් ගාවට.ඒ කොල්ලගෙ ගෙදෙට්ට.සීන් එක වෙද්දි තුත්තරා එක්ක වෙනද කැලෑස් යන යාලුවා ඇවිල්ල නැහැ.අරූ තුත්තරාව බලෙන් පෙරලගෙන වැඩේ දීල"
"හොද වැඩේ!"අත්පුඩියක් ගහපු නාකි නොයෙල් මාමා කිව්වා.
හැමෝම නොයෙල් මාමා දිහා බැලුවා.නොයෙල් මාමා මොනා නැතත් පාලි සංස්කෘත කට ගාපු බුද්ධිමතා.
"ඇයි මාමේ හොද වැඩේ කියන්නෙ?"එතන හිටපු බුවෙක් ඇහුවා.
"ඇයි බොල.ගෙදෙට්ට වෙලා මැහුමක් ගෙතුමක් ඉගෙන ගෙන ඉන්නෙ නැතිව ඒකි මොන බම්බුවකටෙයි ගෙවල් ගානෙ ටියුසන් කොරන්න රිංගන්න ගියෙ.ඕනෙ නැති වැඩනෙ.තමන්ගෙ පාඩුවෙ ගෙට වෙලා හිටිය නං ඔය මොනවත් නැහැ.තනි පංගලමෙ කෙල්ලක් ලග ඉද්දී ඔය වගේ දෙයක් කොරන්න නොහිතෙන්නෙ මොන පිරිමියටද.ඌට දොස් කියන්න ඕනෙ නැහැ.මේ බැල්ලිගෙ තමයි වැරැද්ද.තත්වෙ තියාගෙන වැදගත් ගෑනු ලමයෙක් වගේ ඉන්නෙ නැතිව එක එක ගෙවල් ගානෙ රිංගන්න යනවට!"

කෙටි කථාව 3 -

මේ කතාව තවත් එකමත් එක රටක් ගැන.ඒ රටේ අවුරුදු හයෙන් හයට ජනාධිපති තෝරන්නය කියල ඡන්දයක් තියෙනව.

ක්‍රිස්තු වරුස 2010 ඉතින් එහෙම තිබ්බ ඡන්දෙට එක පැත්තකින් ඉදිරිපත් උනා මහින්ද රාජපක්ෂ කියල මහත්තැන් කෙනෙක්.අනිත් පැත්තෙන් ඉදිරිපත් උනා ජැනරල් ෆොන්සේකා කියල පැන්ෂන් ගිය හමුදා නිලධාරි උන්නැහෙ කෙනෙක්.
මේ ඡන්දෙන් ඒකෙන් මේකෙන් ෆොන්සේකා උන්නැහෙ පරාද වුනා.
පරාද වුනා විතරයි රාජපක්ෂ මහත්තැන්ගෙ ආන්ඩුව මුන්නැහෙට පන්න පන්න එක පිට එක නඩු හබ පටලවන්න වුනා.ඒ නඩු හබ අහන්න යුජ අජිකරනෙ කියල එකක් ඇටෙව්ව.ඒකෙ වින්ස්චයකරුවන් විදිහට ෆොන්සේකා උන්නැහෙ හමුදාවෙ ඉද්දී උන්නැහෙට හිටපු බද්ධ වෛරක්කාරයෝ වගයක් දැම්ම.එහෙම කොරල ෆොන්සේකා උන්නැහෙව අවුරුදු 3 කට වැලිකඩ හිර කොරන්න තීන්දු කොලා.
මේ එකමත් එක රට තරමක් අමුතු පහේ රටක්.ඒකෙ උසාවි වල විනිස්චයකාරයො හිටන් තනිකර පත්කොරන්නෙ ජනාධිපති ගෙ හිතුමතේට.ඒකෙ විනිස්චයකාරයෙක් වෙන්න නං මහතැනගෙ හිත දිනාගෙන ඉන්න එක අනිවාර්ය කාරනයක්.
ඒකෙන් මේකෙන් ෆොන්සේකා කියන මහත්තැන් අන්තිමට හිරගෙදර යවන්න ඕනෙ කියල තීන්දු වුනා.උන්නැහෙ දරුනු පෙනහලු රෝගියෙක් හින්ද වාතාශ්‍රය හොදට ලැබෙන්න ඕනෙ නැත්තං ආසාදනේ වෙනව කියල උන්නැහෙගෙ දොස්තරලාස්ල කියනවලු.ඒත් වැලිකඩ ජම්පරයක් අන්දවල හිර කලාට පස්සෙ ඒව ලැබෙයිද නැද්ද සුවර් නැති නිසා උන්නැහෙ බොහෝ විට වැලිකඩ ගියොත් ඒක ට්‍රැජඩියකින් අහවර වෙයි කියල තමයි ගොඩක් දෙනා කිව්වෙ.

මේක ආරංචි උනා විතරයි උඩලමත්තේ නාමල් කියන කොලුවාට මාර ආතල් එකක් ගියා.උන්නැහෙ හැමෝටම ඇහෙන්න අත්පුඩියක් ගැහුවා.
"හොද වැඩේ"උන්නැහෙ කිව්වා.
"ඇයි හොද වැඩේ කියන්නෙ?"තව කෙනෙක් ඇහුව.
"ඇයි බොල.මේ යකා තමන්ගෙ තත්වෙ තියාගෙන ඉන්නෙ නැතිව මොන මගුලකටද චන්දෙ ඉල්ලන්න ගියෙ.පාඩුවෙ හිටියනම් ඉවරනෙ.මේ මිනිහට ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යංසෙ ලේකම් කම කොරගෙන කටයි පුකයි වහගෙන ඉන්න පුලුවන් කම තියෙද්දි අහවල් අමාරුවටද ඡන්ද කොරන්න ගියෙ.හොද වැඩේ!"

කෙටි කථා තුන ආශ්‍රිත ප්‍රශ්න

1.තුන්වෙනි කථාවේ මහින්ද රාජපක්ෂ ගේ චරිතය හා සමානකම් දක්වන චරිත යුගලය තෝරන්න.
අ) උඩලමත්තේ නාමල් හා නොයෙල් මාමා
ආ) ත්‍රී විල් සුගා හා ස්ත්‍රී දූෂක හචිස් මුදිත
ඇ)ඉහත (අ) හා (ආ) දෙකම
ඈ) තුත්තරා හා කටු චූටි

2.ඉහත කථා වලින් සමාජයට ලැබෙන පනිවුඩය කුමක්ද?

අ) 2010 ලංකාවේ රජතුමාගේ නම කැකිල්ලේ බවයි
ආ) නීතියට එකග වැඩක් කොරන්න ගිහින් අන්තරායක් කවුරු හරි කොරාම වුනත් ඒක තමන් විද දරා ගත යුතු බවයි.
ඇ)බලය තියෙන කෙනාට පිටින් නොයා මුඛයයි අධෝමුඛයයි වහගෙන ඉන්න එක හයවන සිල්පදය බවයි.
ඈ)වික්ටර් අයිවන් .ගාවට ලංකාවෙ ඉන්න හොදම දේසපාලන විචාරකයා උඩලමත්තේ නාමල් බවයි

( එක පුරස්නෙකට ලකුනු 50 බැගින් ලකුනු 100 යි )