Thursday, October 4, 2012

මහානුභාවසම්පන්න ලැක්ලාව්



චාර්යස් මහාචාර්යස් ලා ගේ වැඩ වර්ජනයට දැන් මාස තුනක් වෙනව.රාජපක්ෂස් ගේ ඉහට උඩින් වර්චස් පිඩක් හෙලීමේ පරමාර්ථයෙන් හෝ මැස්සෙක් වත් පියාසරස් කරන්නෙ නැති වංගියක මාස තුනක් අල්ලගෙන හිටපු එක ගැන ආචාර්යස් මහාචාර්යස්ලට පුලස්තිගේ සැලියුට් එක පලමුව!!ලියන එක එපා වෙලා ටුවෙන්ටි ටුවෙන්ටි එක බලාගෙන බීඩියක් ඇදගෙන ඈලි මෑලි වෙලා හිටපු වකවානුවක ආපහු ලියන්න ආත්ම ශක්තිය පුලාට ගෙනත් දුන්නේ ආචාර්යස් මහාචාර්යස් වර්ජනය කියල අවංකව කියනව මහත්වරුනි.

මේ වැඩවර්ජනය මොකක්ද මහත්වරුනි?

මේක පටන් ගත්ත කාලෙ එක එක බුවාස් ල එක එක එව්ව කිව්ව.එජාප ( රනිල්  පිල ) - එජාප ( කරු පිල ) - එජාප ( සජිත් පිල ) - ජවිපෙ - ෆොන්සේකා උන්නැහේගේ කාන්ඩය - මේ සේරම මුල ඉදලම මූනිච්චාවට හෝ මූන නොඉච්චාවට මේක සිරා අරගලයක් කියල තිබ්බ මුරුංගා අත්තේ ඉහලම.

නලින් ද සිල්වා - ඇස්බී - මහින්ද අසේබුන්දර - හඩ්සන් සොමරසිංහ - පෙරමුනේ රාල ගේ වැසිකිලිය - මේ කවුරු කවුරුත් මුල ඉදලම මේක දේසද්‍රෝහී - රාජ්‍ය විරෝධී - එන්ජීඕ- ඩයස්පෝරා - ග්‍රීක - යුදෙව් - ක්‍රිස්තියානි - හම්බ - අධිරාජ්‍යවාදී - නව යටත්විජිතවාදී  ජිල්මාට් එකක් කියල දැම්ම කානු පල්ලෙ පහලටම.

අවුලක් නැහැ නේද මහත්වරුනි.මේකෙන් තමුන්ගේ හොද්ද බොරවෙයි කියල හිතුනු අය වැඩේට විසිල් ගැහුව.මේකෙන් තමුන්ගේ හොද්දට කෙලවෙයි කියල හිතුනු අය වැඩේට ගල් ගැහුව.ඉෆ් ඉස් දිස් ඉස් නොට් ලයිෆ් වට් ඉස් ද ලයිෆ් ඔෆ් අ හොනස්ට් වයිෆ්?ඉස්න්ට් ඉට්?

ආන්ඩුවට සපෝට් ‍නැති බුවාස්ල අතරින් මේ සටනට විරුද්ධ වුනේ එහෙමත් බුවෙක්.ඒ බුවාස්ල අතර ඉදිරියෙන්ම හිටියා දීප්ති කුමාර ගුනරත්න නැමැති යුගයේ දාර්සනිකයා.( ඒක පුලස්ති එතුමාට දුන්න නම්බු නාමයක් නෙමෙයි.පැපරාසියා සගරාව කොරන සේපාල් අමරසිංහ ලොක්කයි ඒ විරුදාවලිය උන්නැහෙට දුන්නෙ.දැන් පැපරාසියා සගරාවේ කුනු කන්දල් ඕපාදූප සේරම මැද්දෙ මැද පිටු දෙක ඒ යුගයේ මහා දාර්සනිකයා වෙනුවෙන් වෙන් කොරල කියල පුලස්තිට කිව්වෙ මුල්ගම්පොල පත්තර කඩේ විමලරත්න කොල්ලා)

වෛද්‍යවරු ආචාර්යවරු වගේ මැද පංතියේ වෘත්තික බුවාස්ලා මේ කොරන්නෙ පඩි වැඩි කරගන්න දෙකයි පනහේ නැටුමක් කියල එතුමා මුල සිට ඉතාම ව්‍යක්තව අපිට කියල දුන්න.මේ දෙකයි පනහේ වැටුප් සටනේ පෙරමුන අරන් සිටින නිර්මාල් කියන පොන්නයාට ( ඒ ගුනරත්නයන් නිර්මාල් කොල්ලව හදුන්වන්න පාවිච්චි කරපු විසේසන පදේ )මේ මධ්‍යම පංතික බුවාල සෙට් එක එක්ක ගියාම අන්තිමේ සිද්ද වෙන්නෙ   ධම්ම දිසානායක වගේ පීචං ඩයල් එකක් වෙලා කෙලවර වෙන්නයි කියල එතුමා විද්වත් ලෙස අපිට පැහැදිලි කරල දුන්න.

ඉතින් පුලස්ති හිතුව - මොනව උනත් බොල මේක කියන්නේ යුගයේ දාර්සනිකයා නෙව.අඩියක් පුඩියක් ගහල බ්ලොක් කොරල නැති වැල සයිට් එකකට ඔලුව දාන්න නෙට් යන අපි වගේ හුදී ජනයින් වගේද කියවන හදාරන අධ්‍යයනය කොරන මේ මහා චින්තකයො?

දී.කු. ගුනරත්නයන් මෙහෙම ආචාර්යස්ලට ඇට්ටි හැලෙන්න නෙලන්න ගත්තේ වැඩවර්ජනය පටන් ගත්ත අවස්ථාවේ ඉදලමයි.ඒව කියවන අයට චීයා මේ ආචාර්යස්ලගෙ ශුකානුකම කියල නොහිතුනා නම් තමයි පුදුමේ.

මේ විදිහට ආචාර්යස් අරගලය මාසයක් දෙකක් ඇදිල ගියා.දී.කු.ගුනරත්නයන් ස්වකීය මහානුභාව සම්පන්න ත්‍රිමාන වෙබ් අඩවිය හරහා මේ තුට්ටු දෙකේ වැටුප් අරගලයේ රෙදි පෙරෙදි අඛන්ඩව ගැලෙව්වා.

මාසයක් ගියා.
ආචාර්යස්ලා පඩි නැතුවත් ගෙදර ගියෙ නැහැ.
මාස දෙකක් ගියා.
ආචාර්යස්ලා නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.
තුන්වෙනි මාසයත් ආව.

තුන් වෙනි මාසෙ වෙනකොට මොකද වුනේ මහත්වරුනි?ලැක්ලාව් ආව.ලැක්ලාව් වේවා!දෙවියන් වහන‍්සේ ‍කී සේක.එවිට ලැක්ලාව් පහල විය!!

ලැක්ලාව්?කවුද බොලේ ලැක්ලාව්?

ලස්සන නම.කවදහරි දරු පැටියෙක් හම්බුන දවසට දරු පැටියට දාන්න හිතෙන වර්ගයේ නමක් නෙව මේක.ලැක්ලාව්.

දී.කු.ගුනරත්නයන්ගේ ධර්ම භාන්ඩාගාරික සමන් පුස්පකුමාර මහත්තැන් මෙන්න බොලේ තුන්වෙනි මාසෙ පටන් ගන්නකොට දිගට හරහට ලිපි ලියන්න ගන්නව මහානුභාවසම්පන්න ලැක්ලාව් ගැන කියල.මේවට කියන්නේ ජනප්‍රියවාදී අරගලලු.එව්ව ඉතින් එහෙම තමයිලු.එව්ව එච්චර අප්සෙට් නැල්ලු.ජාතිකවාදි හෙජමොනියට විරුද්ධව දැන් අධ්‍යාපන හෙජමොනිය උස්සන්න පුලුවන්ලු.අප්පේ සනීපේ.කවන්දයට න්‍යායික හිසක්ලු.

හිතුව විදිහට වැඩේ චොර උන් නැල්ලු.රනිලුත් පෙලපාලි ආවලු.රෝසිත් ආවලු.මෙච්චර කෙලි වෙද්දි දාර්සනිකය,තොප බයිලා මුමුනන්නේ මන්දැයි මහානුභාව සම්පන්න ලැක්ලාව් කිව්වලු.ඉතින් පඩි වැඩි කරගන්න නිර්මාල් නැමැති පොන්නයා කරපු දෙකයි පනහේ මධ්‍යම පංතික සටන එකපාරට අධ්‍යාපන හෙජමොනිය වුනාලු.පඩි සටන නැමැති දලඹුවාගෙන් අධ්‍යාපන හෙජමොනික සටන කියන සමනලයා එලියට ඇවිත් තටු සලන්න ගත්තලු.

මෙච්චර කල් යුගයේ දාර්සනිකයාගෙත් දාර්සනිකයා ලෙස වැජඹුනු ජිජැක් පප්පට මේ වෙනකොට ටිකක් අස්පෙට්ලු.මහානුභාවසම්පන්න ලැක්ලාව් ඉස්සරහ ජිජැක් පප්පා ගේ රස්මි කදම්භය අන්තරස්දහන් වෙලාලු.

මහානුභාවසම්පන්න ලැක්ලාව් - අප වෙත වඩිනු මැන!තුන් සිංහලයම ඔබගේ සෙවනට ගනු මැනව!!